කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවෙක් මියයාමේ සිද්ධියට සැරයන්වරයෙක් අත්අඩංගුවට

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ දී පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පොලිස් නිලධාරියා වැටලීම සිදුකිරීම සඳහා එක්වූ පොලිස් සැරයන්වරයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිද්ධියට අදාළව පොලිස් සැරයන්වරු දෙදෙනෙකුගේ සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට මීට පෙර කටයුතු කර තිබුණා.

සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය 26 වනදා කොබෙයිගනේ බැද්දේගම ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව අදාළ සැකකරු අල්ලාගෙන ගස් බැඳ පොලිස් නිලධාරීන්ට භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබුණා.