අතුරුදන් වූ ධීවරයින් 07 දෙනා සොයා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්

පසුගිය 21 වැනි දින කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් නැවත නොපැමිණි ධීවරයින් සිව් දෙනෙකු සහ පසුගිය 26 වැනිදා චලෙයි ප්‍රදේශයෙන් ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් නැවත නොපැමිණි ධීවරයින් තිදෙනෙකු සොයා නාවික හමුදාව විසින් සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබුණා.

එම මෙහෙයුම් අද දිනයෙත් (01) ක්‍රියාත්මක කරන බවයි නාවික හමුදාව පවසන්නේ.

ඒ අනුව, දකුණු, උතුරු සහ නැගෙනහිර නාවික විධාන වෙත අනුයුක්ත නාවික හමුදා නෞකා හා යාත්‍රා මෙම සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුම සඳහා යොදවා ඇති අතර, එම මුහුදු තීර ආවරණය වන පරිදි තවදුරටත් මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් පවතින බව නාවික හමුදාව විසින් නිවෙංය්ක් නිකුත් කරමින් පවසනවා.