ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගම් මට්ටමේ රැස්වීම් මාලාවක් රට පුරා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, අනුව හෙට (02) දිනයේ සිට මෙම රැස්වීම් මාලාව කොළඹ දිස්ත්රික්කයෙන් ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ මඟ පෙන්වීම යටතේ මෙම රැස්වීම් මාලාව සංවිධානය කරනවා.
ඒ, අනුව සතියකට දින පහක් පක්ෂ ශාඛා සහ ඡන්දදායකයින් සමඟ මෙම රැස්වීම් පැවැත්වීමටයි සැලසුම වී ඇත්තේ.
රජය විසින් ඉටු නොකළ මැතිවරණ පොරොන්දු සහ චෝදනා එල්ල වී ඇති දූෂණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙම රැස්වීම්වල අරමුණ වී තිබෙනවා.
