කාවන්තිස්ස ඇතාගේ ප්‍රතිමාවක් හදන්න විපක්ෂ නායක සජිත්ගෙන් යෝජනාවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් අනුව, සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ ඇතාගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මෙය, කාවන්තිස්ස ඇතා නායකත්වය හෙඹ වූ කහල්ල-පල්ලෙකැලේ අලි රංචුව නිතර ගැවසෙන ප්‍රදේශයට ඉතා ආසන්නව පිහිටි අඹන්පොළ, කහඹිලියාවැටියාවත්ත ප්‍රදේශයේ පිහිටි අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ වතු පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට නියමිතයි.

විපක්ෂ නායක සහ ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපති සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් යුත් ‘කාවන්තිස්ස හස්ති ආරක්ෂක කාර්ය සාධක බලකාය’ (KAWANTISSA Tusker Protection Task Force) මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.