මෙම මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිලේ කිසිඳු වෙනසක් නැහැ – සමාගමෙන් දැනුම්දෙයි

නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිල්ලර මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් පී.එල්.සී. සමාගම පවසනවා.

ඒ අනුව, පවතින ගෑස් මිල ගණන් ඉදිරි මාසය සඳහා ද එලෙසම ක්‍රියාත්මක වන බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.

මේ අතර වර්තමාන වෙළෙඳපොළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, නොවැම්බර් මාසය සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 44,000ක් ලිට්රෝ ගෑස් සමාගම ඇණවුම් තහවුරු කර ඇති බව එම සමාගම පවසනවා.

නොවැම්බර් මාසය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලියන 3ක් පමණ වෙළෙඳපොළට නිකුත් කෙරෙන අතර, සමස්ත ගෑස් ඉල්ලුම සපුරාලීමට ලිට්රෝ ගෑස් සමාගමට හැකියාව ලැබෙන බව එම සමගම වැඩිදුරටත් සඳහන්කර තිබෙනවා .