ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්රී ලංකා මානව සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස විශ්රාමික විනිසුරු වී. කේ. මලල්ගොඩ පත්කර තිබෙනවා.
එහි සෙසු සාමාජිකයන් ලෙස එස්.වයි.එම්. ගෝමස්, ඒ.එල්.ඒ. අසීස්, වෛද්ය එස්.එස්.එස්.බී.ඩී.එච්. ජයවර්ධන, මහාචාර්ය ටී. ජයසිංගම් පත්කර තිබෙනවා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ ඔවුන්ට වෙත භාරදුන්නා.
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ ධුර කාලය අවසන් වීම මත පුරප්පාඩුව පැවති ධුර වෙනුවෙන් අදාළ පත්වීම් සිදුකර තිබෙනවා.
