ආගරපතන ප්රාදේශීය සභාවේ 2027 අයවැය අද (29) පැවති විශේෂ සභා රැස්වීමේදී බහුතර ඡන්දයෙන් 3 කින් සාර්ථකව සම්මතවී තිබෙනවා .
සභාපතිනි සත්යමූර්ති රතිදේවිගේ විසින් අද දින ඉදිරිපත්කරන ලද 2027 වර්ෂය සඳහා වන අයවැය වැඩි ඡන්ද 3 කින් සම්මතවී තිබෙනවා.
මෙම විශේෂ රැස්වීමට සභාවේ සාමාජිකයින් 6 දෙනෙකු සහභාගී නොවීය. සභාවට පැමිණ සිටි සාමාජිකයින්ගෙන් අයවැයට පක්ෂව ඡන්ද 6 ක් සහ ඊට විරුද්ධව ඡන්ද 3 ක් ප්රකාශ වී තිබුණි .
ඒ අනුව සභාපතිනි සත්යමූර්ති රතිදේවි, 2027 වර්ෂය සඳහා වන අයවැය වැඩි ඡන්ද 3 කින් නිල වශයෙන් සම්මතවී තිබෙන බව නිවේදනය කර තිබෙනවා .
පසුගිය වසරේ අයවැය පළමුවරට සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී පරාජයට පත් වූ අතර පසුව දෙවන වරටත් ඉදිරිපත් කළ විට සම්මත විය. එවැනි සන්දර්භයක් තුළ, 2027 වර්ෂය සඳහා වූ අයවැය පළමු වරම සම්මත වී තිබීම විශේෂත්වයකි
