කැනේඩියානු මහකොමසාරිස්වරිය සහ ඇමැති ආනන්ද විජේපාල හමුවෙයි

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් ඉසබෙල් මාරි කැතරින් මාර්ටින් (Isabelle Marie Catherine Martin) අතර හමුවක් ඊයේ (27) පැවැත්වුණා.

ඒ, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදීයි.

සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම මර්දනය සඳහා දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙම හමුවේදී අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම මෙහිදී දෙරටටම බලපාන ආරක්ෂක අභියෝග සහ ගැටලු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීමට මෙන්ම දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා.