අද (27) දිනයේ පැවැත්වෙන අධ්යාපන පොදු සහතික පත්ර සාමන්ය පෙළ සෞන්දර්ය ප්රයෝගික පරීක්ෂණවලට සභභාගීවීමට නොහැකි වූ සබරගමුව පාළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ අයහපත් කාලගුණ හේතුවෙන් පවතින ගංවතුර තත්ත්වය හමුවේ සබරගමුව පළාතේ ඇතැම් සිසු සිසුවියන්ට අද (27) දිනයේ එම පරීක්ෂණ සඳහා පෙනී සිටීමට නොහැකි වී ඇති බවට වාර්තා වන බවයි.
ඒ, අනුව එම සිසු සිසුවියන්ට ගංවතුර තත්ත්වය පහව ගිය පසු ප්රයෝගික පරීක්ෂණ පැවැත්වෙන අදාළ මධ්යස්ථාන වෙත ගොස් වෙනත් දිනයක් ලබාගත හැකි බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
