තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා – පාකිස්ථාන ගැටුම අද ලාහෝර් හිදී

තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය අද (27) ලාහෝර් හිදී පැවැත්වෙනවා.

අද තරගය ජයග්‍රහණය ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, මෙරට වේලාවෙන් පස්වරු 1.30ට තරගය ආරම්භ වීමට නියමිතයි.

තුන්කොන් තරගාවලියේ අවසන් තරගය සඳහා පාකිස්ථාන කණ්ඩායම මේ වනවිටත් සුදුසකම් ලබා ඇති අතර, ශ්‍රී ලංකාව අද තරගය ජයගතහොත් අවසන් තරගයට පිවිසීමේ ඉහළ හැකියාව පවතිනවා.

එංගලන්තය සමඟ පැවති තරගය ඉතා විශිෂ්ඨ ලෙස ජයගත් ශ්‍රී ලංකාව ජයග්‍රාහි මානසිකත්වයක් යුතුව අද ටරගයට පිවිසෙනවා .

මේ අතර පාකිස්ථාන කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් අද තරගයේ දී සිදුකිරීම නියමිත බවයි එරටින් වාර්තා වන්නේ.

ඒ අනුව සයිම් අයූබ්ගේ ඉවත්ව යාමෙන් පසු ආරම්භක පිතිකරුවෙකු ලෙස සාහිබ්සාදා ෆර්හාන් අද තරගයේ දී පාකිස්ථාන කණ්ඩායමට එක්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර එංගලන්තය සමඟ ක්‍රීඩා කළ ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම කිසිඳු වෙනස්කමක් නොකර අද තරගය එක්වනු ඇති බවයි ක්‍රිකට් විචාරකන් මත පළ කරන්නේ.