මිහින්තලය, අශෝකපුරදී වෙඩි වැදීමෙන් අයෙක් ජීවිතක්ෂයට

මිහින්තලය, අශෝකපුර ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රීයේ බඳින කඳන් තුවක්කුවක් පත්තු වීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයා ගවයන් බලා ගැනීම සඳහා අශෝකපුර ප්‍රදේශයේ තේක්ක වත්ත ප්‍රදේශයේ රක්ෂිතයට ගොස් ඇති අතර එහිදී මෙම වෙඩි වැදීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ප්‍රදේශවාසීන් එක්ව තුවාල ලැබූ වෙඩි වැදුණු පුද්ගලයා මිහින්තලය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ අශෝකපුර ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්..

රක්ෂිතයේ තුවක්කු බැඳීමට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි..

මිහින්තලයේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.