දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව ලබන 29 යළි කැඳවිමට කොළඹ මහාධිකරණය අද (13) දින නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා හමුවේ කැඳවනු ලැබුවා.
සිද්ධියට අදාළ විත්තිකරුවන් දෙදෙනා විවෘත අධිකරණයේ පෙනී සිටියා.










