Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කළ පෙත්සම වැඩිදුර විභාගය දෙසැම්බර් 16ට කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් මස 16 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.

අදාළ පෙත්සම අද (12) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී එය වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් 16 වනදා යළි කැඳවීමට අධිකරණය නියම කළා.