චාමර සම්පත් අද අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම හමුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දස­නා­යක අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම හමුවේ අද (12) කැඳවා තිබෙනවා.

ඒ, රුපි­යල් ලක්ෂ 81ක මුද­ලක් අල්ලස් ලෙස ලබා­ගැ­නීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­ය­කට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමටයි.

මෙම සිද්ධි­යට අදා­ළව ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නී­මට මන්ත්‍රී­ව­ර­යාට පසු­ගිය 09 වනදා එම කොමි­සම හමුවේ පෙනී සිටින ලෙස
දැනු­ම්දී­මක් සිදුකර තිබුණා.

කෙසේ වෙතත් ඔහු එදින අල්ලස් කොමි­සම හමුවේ ඔහු පෙනී නොසිටි අතර, ඒ වෙනු­වට අද (12) දින ඔහු අල්ලස් කොමි­සම හමුවේ පෙනී සිටින බව දැනුම්දී තිබුණා.

2022 වසරේ සැප්තැ­ම්බර් 08 සිට 2024 වසරේ සැප්තැ­ම්බර් 23 දක්වා ප්‍රාථ­මික කර්මාන්ත රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යාව සිටි­යදී, සමා­ගම් තුන­කට පොස්පේට් ආන­ය­නය කිරී­මට නිසි ක්‍රම­වේ­ද­ය­කින් තොරව බල­පත්‍ර ලබා­දී­මට එව­කට ඔහුගේ හිටපු පෞද්ග­ලික ලේකම්ව­රයා විසින් රුපි­යල් ලක්ෂ 81ක මුද­ලක් අල්ලස් ලෙස ලබා ගත්බව කියන සිද්ධි­යට අදාළ විම­ර්ශන කට­යුතු සඳහා මෙම කැඳ­වීම අල්ලස් කොමි­සම විසින් කර තිබෙනවා.