Update – නාගොඩ අවන්හලේ වෙඩි තැබීම පිටුපස දොඩංගොඩ ධනුක සහ කළුතර නවීන් සිටින බවට තොරතුරු (වීඩියෝ)

කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිට අද (09) උදෑසන සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳව තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් අවන්හලේ හිමිකරුවන වයස අවුරුදු 54ක පුද්ගලයෙක් එම ස්ථානයේ දීම මිය ගිය අතර, අවුරුදු 52ක ඔහුගේ බිරිඳ බරපතළ තුවාල ලබා නාගොඩ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණා.

සිදුකරන ලද මූලික විමර්ශනවල දී මෙම වෙඩිතැබීම පිටුපස දොඩංගොඩ ධනුක සහ කළුතර නවීන් නැමැති සංවිධානාත්මක අපරාධකරුවන් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දොඩංගොඩ ධනුකගේ මුදල් එකතු කිරීම සිදුකර ඇති අතර එහිදී ඔහු විසින් මුදල් වංචාවක් සිදුකර ඇති බව යි හෙළිව ඇත්තේ.

ඊට පළිගැනීමක් ලෙස දොඩංගොඩ ධනුක සහ කළුතර නවීන් එක්ව මෙම වෙඩි තැබීම සැලසුම්කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් අද (09) උදෑසන 7.30ට පමණ T 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසය, කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් සහ කළුතර දකුණ මූලස්ථාන පොලිසිය එක්ව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23