කැලණි සරසවියේ සිතුම්ට මහ මඟ දී දිවි අහිමි වූ විනෝද ගමන

මිතුරන් පිරිසක් සමඟ යතුරුපැදිවලින් ගාල්ල ප්‍රදේශයේ විනෝද චාරිකාවක යමින් සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙක් රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (08) උදෑසන කළුතර, වස්කඩුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිතුම් සංකල්ප නමැති 21 හැවිරිදි සිසුවෙක්.

මෙම සිසුවා තවත් මිතුරන් පස්දෙනෙකු සමඟ යතුරුපැදිවලින් කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් කරමින් සිටිය දී යතුරුපැදියෙන් ඇද වැටී ප්‍රති විරුද්ධ දිශාවෙන් පැමිණි පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක යත්වී තිබෙනවා.

අනතුරින් එම සිසුවා අනතුර සිදුවූ ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි කළුතර උතුර පොලිසිය සඳහන් කළේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

කළුතර උතුර පොලිසියේ රථවාහන අංශ අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21