ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (07) පස්වරුවේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් මන්ත්රීවරයාව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
පනාගොඩ, මැදමණ්ඩිය ප්රදේශයේ දී මන්ත්රීවරයා ගමන් ගත් මෝටර් රථය මාර්ගය හරහා ගමන් ගත් පදිකයෙකුගේ
ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා ප්රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.










