මේ වන විට සිරදඬුවම් නියම වී බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (10) දිනයේ දී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ, ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී මාස 09ක සිරදඬුවම් නියම වූ නඩුවට අදාළව මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයට අදාළවයි.
මේ අතැර සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීමට එරෙහිව කොළඹ අධිකරණ පරිශ්‍රය ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.










