මෙරට සිට ඉන්දියාවට නීති විරෝධී ආකාරයෙන් රත්රන් රැගෙන යාමට තැත්කළ පුද්ගලයෙක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (05) දිනයේ දී කන්කසන්තුරේ වරායේ සිට ඉන්දියාවේ නාගපට්ටිනම් දක්වා යාත්රා කිරීමට සූදානම් වෙමින් තිබූ ‘ශුභම්’ නෞකාවෙන් මෙම සිද්ධිය වාර්තා වුණා.
පුත්තලම සිට පැමිණි පුද්ගලයෙකුගේ බඩු බාහිරාදිය පරීක්ෂා කිරීමේදී, පෑනක හැඩයෙන් සූක්ෂම ලෙස සඟවා තිබූ රන් කැබැල්ලක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන සොයා ගෙන තිබෙනවා.
රත්රන් ජාවාරම් කිරීමට උත්සාහ කළ බවට සැකකෙරෙන මෙම සැකකරු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.










