දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වත්මන් රජයේ හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (05) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තා.
කොළඹ මහාධිකණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පත්වෙනවා.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා.
ඉන් අනතුරුව විත්තිකරු වනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්සගේ හරස් ප්‍රශ්න වලටද සාක්ෂිකරුවන් පිළිතුරු ලබා දුන්නා.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 03 වනදා දක්වා කල් තිබුණා.
2014 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමණාකරු වශයෙන් කටයුතු කරමින් සිටියදී පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම තුළින් රජයට රුපියල් 885,9708ක පාඩුවක් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.










