ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වෙනම පොලිස් ඒකකයක් පිහිටුවන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්ම වෙන් වූ විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙණියගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක් මගින් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මුහුණ දෙන ගැටලු විසඳීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට හැකි වන පරිදි මෙවැනි විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවන ලෙස ඉල්ලා සිටි බව කොමිෂන් සභාව සඳහන්කරන්නේ.

සමාජීය හා ආර්ථික සාධක මෙන්ම ආයතනවලට බලපාන බාහිර බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ද කොමිෂන් සභාව පෙන්වා දෙනවා.

නිවාසවල මෙන්ම විවිධ ආයතනවල ජීවත් වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ද මෙම අභියෝගවලට මුහුණ දී සිටින බව එහිදී සඳහන්.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශේෂ ඒකකයක් පිහිටුවීම මගින් එවැනි ගැටලු විසඳීමට සහායක් ලැබිය හැකි බවයි මානව හිමිකම් කොමිෂන් සභාව පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30