ඔක්තෝබර් 05 දිනට යෙදෙන ලෝක ජනාවාස සැමරුමට සමගාමිව ”තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ආධාර නිවාස වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්රික්කයේ ඉදි වූ නිවාස 131ක් ජනතා අයිතියට පත් කිරිමට පියවර ගන්නා බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අධිකාරියේ නුවරඑළිය දිස්ත්රික් කළමනාකරු අතුල බණ්ඩාර සඳහන් කළේ මෙම වසර තුළ නුවරඑළිය දිස්ත්රික්කයේ අනාරක්ෂිත නිවාසවල දිවි ගෙවූ පවුල් 255කට නව නිවාස ඉදිකිරීම සදහා කටයුතු සිදු කරන බවත්, මේ වනවිට වැඩ අවසන් නිවාස 131 එදිනට මෙලෙස ජනතා අයිතියට පත් කරන බවයි.
නුවරඑළිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 13 ක්, අඹගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 07 ක්, නෝර්වුඩ් ප්රදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 06ක්, තලවකැලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 02 ක්, වලපනේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 22 ක්, නිල්දණ්ඩාහින්න ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 19 ක්, හගුරන්කෙත ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 26ක් සහ මතුරට ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 18ක් ලෙස එළබෙන ඔක්තෝබර් 05 දින ජනතා අයිතියට පත් කිරිමට නියමිතයි.










