දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපේක්ෂිත අදායම් ඉලක්කය මේ වනවිට ඉක්මවා ගොස් ඇති බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ජේ.ටී. චන්දන පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්වරයා සඳහන් කළේ මෙම වසර අවසන් වනවිට අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා රුපියල් බිලියන 100ක පමණ වැඩිපුර ආදායමක් උපයාගත හැකි බවයි.
මෙම වසරේ ජුනි මස 30 වන විට උපයාගත යුතු අදායම් ඉලක්කය 40%ක් බවත්, නමුත් එම දිනය වනවිට 46%ක ආදායම් ඉලක්කයක් සපුරාගැනීමට හැකි වූ බවත් ඔහු සදහන් කරනවා.
මේ අතර 2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවීමට ලබා දී ඇති කාලසීමාව අදින් (30) අවසන් වන බව නියෝජ්‍ය කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.













