එංගලන්ත තරගාවලිය අතරතුර වනිඳු යළි දිවයිනට කැඳවයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන අතරතුර, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, එම තරගාවලින් ඉවත්කර, නැවත දිවයිනට කැඳවීමට කටයුතුකර තිබෙනවා.

ඔහුට ඇති වූ සුළු ආබාධ තත්ත්වයක් හේතුවෙන් මෙලෙස ඔහුව දිවයිනට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

පිට සහ බෙල්ල ආශ්‍රිතව මෙම අබාධ තත්ත්වය හටගෙන ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

ලබන මාසයේදී පාකිස්තානයේ පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින තරගාවලිය ඇතුළු ඉදිරි තරගාවලි සඳහා සූදානම් කරවීමේ අරමුණෙන් ම වනිඳු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.