කෙහෙල්බද්දර පද්මේ සහ හරක් කටාගේ ගැටුම ගැන විශේෂ විමර්ශනයක්

බන්ධනාගාරය තුළ දී සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් වන මන්දිනු පද්මසිරි හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ සහ
නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ අතර ඇතිවූ බව කියන ගැටුම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් මෙම විශේෂ විමර්ශනය ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස්/ මාධ්‍ය ප්‍රකාශක එස්.කේ. පල්ලෙතැන්න ප්‍රකාශ කළේ.

මෙම විමර්ශන කටයුතු සඳහා සහකාර බන්ධනාගාර අධිකාරීවරයකු පත්කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ
මේ වනවිට වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටින මෙම සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනා අතර, ඊයේ (22) පස්වරුවේ ගැටුමක් ඇතිව තිබුණා.

පුද්ගලික කාරණාවක් මත මෙම ගැටුම හටගෙන තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

ගැටුමේ දී සුළු තුවාල ලැබූ මන්දිනු පද්මසිරි හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ වැලිසර බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

ඔහු මේ වන විටත් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්