ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර ලබන 07 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසෙන මහතා අද (23) නියෝග කළා.
සිද්ධියට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් 50 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට තිබෙන බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.













