මත් ජාවාරම්කරුවෙකුගේ ලක්ෂ 475 කට අධික දේපළ ක්‍රියාවිරහිත කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර වත්කම් උපයාගෙන ඇති බවට අනාවරණය වූ පුද්ගලයෙකුගේ දේපළ ක්‍රියාවිරහිත කිරීම කටයුතු කර තිබෙනවා.

මෙලෙස ක්‍රියාවිරහිත කර ඇත්තේ පදවි, පරාක්‍රමපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් රුපියල් ලක්ෂ 475 කට අධික වටිනාකමින් යුත් දේපළයි.

එහිදී අදාළ පුද්ගලයා විසින් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද මුදලින් පහත දේපළ උපයාගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.

හුගේ බිරිඳගේ නමින් මිලදීගෙන ඇති නව නගරය පදවිය ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 275 ක පමණ වටිනාකමකින් යුත් පර්චස් 15 ක ඉඩමක් හා එහි ඉදිකර ඇති එහි දෙමහල් ගොඩනැගිල්ල
විජයපුර, අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 120 පමණ වටිනාකමකින් යුත් පර්චස් 15 ක ඉඩමක් හා එහි ඉදිකර ඇති නිවස
රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා වෑන් රථය
රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා ඩීමෝ බට්ටා ලොරි රථය

ඒ, අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකිරීම හේතුවෙන් වයස අවුරුදු 47 ක් වන සැකකරු හා වයස අවුරුදු 45ක් වන අදාළ සැකකරුගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ 475 ක් පමණ වටිනාකමින් මෙඅ දේපළ 2026.09.22 දින සිට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 14 ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40