චීන ජනාධිපති අමෙරිකාවේ නිල සංචාරයකට සැරසෙයි

චීන ජනාධිපති ෂී ජින්පිං, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනය පරිදි එක්සත් ජනපදයේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිත බව චීන විදේශ අමාත්‍යාංශය අද (21) නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

ඒ, අනුව චීන ජනාධිපති ෂී ජින් පිං එළඹෙන 23 වනදා සිට 25 වනදා මෙම නිල සංචාරයේ නිරතවන බවයි වාර්තා වන්නේ.

මෙම සංචාරය අතරතුර, චීන-අමෙරිකා සබඳතා මෙන්ම ලෝක සාමය සහ සංවර්ධනයට අදාළ ප්‍රධාන ගැටළු පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් සමඟ ගැඹුරු අදහස් හුවමාරුවක ෂී ජනාධිපතිවරයා නිරත වනු ඇතැයි එම නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු පැවසුවා.