මේ වන විට දිවයින බලපා ඇති අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පියවර ගැනීමට පළාත් අධ්‍යාපන බලධාරින්ට පවරා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ, අනුව මධ්‍යම පළාතේ පාසල් 35 ක් ද, සබරගමුව, දකුණ සහ බස්නාහිර පළාත්වල එක් පාසල බැගින් ද සමස්ත පාසල් 38ක් අද (21) දින තුළ නොපවත්වන බව එම පළාත් අධ්‍යාපන බලධාරීන් අමාත්‍යාංශය වෙත දන්වා තිබෙනවා.













