ෆේස්බුක් හදිසි බිඳවැටීමක් ? – ලොව පුරා බොහෝ රටවල පරිශීලකයින් අපහසුතාවයට

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය වෙත පිවිසීමේ දී පරිශීලකයින්ට සම්බන්ධතා ගැටළු පිළිබඳව වාර්තා වී තිබෙනවා.

ලොව පුරා බොහෝ රටවල ෆේස්බුක් පරිශීලකයින්ට මෙම ගැටලුවට මුහුණ පෑමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

බොහෝ පරිශීලකයින්ට ෆේස්බුක් සම්බන්ධ ගැටළුවලට මුහුණ දීමට සිදු වූ අතර, ඇතැමුන්ට ගිණුමට පිවිසීමේ (login) සහ යෙදුම (app) ආශ්‍රිත ගැටළු මතුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත්, Meta හි තත්ත්ව දර්ශක පිටුව (status page) මගින් දැක්වුණේ මෙම සමාජ මාධ්‍ය වේදිකාව තුළ කිසිදු ගැටළුවක් නොතිබූ බවයි.