ලංකාව පුරාවට 4G ජාලය ආවරණය වන පරිදි, අන්තරජාල කුළුණු 1000ක් ඉදිකරනවා – ජනපති

මෙරට ඩිජිටල් පද්ධතිය ඉදිරියේ දී වඩාත් ශක්තිමත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අද (20) අකුරැස්සේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව, ඉදිරි අවුරුදු 03 ඇතුළත ලංකාව පුරාවට 4G ජාලය ආවරණය වන පරිදි, අන්තරජාල කුළුණු 1000ක් ඉදිකරන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

එමෙන්ම එළැඹෙන ඔක්තෝබර් මාසයේ තෙල් මිල සඳහා සංශෝධනය සම්බන්දයෙන් සහනාධාරයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්