දිස්ත්‍රික්ක 03ක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන

මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට 03 වැනි මට්ටමේ නායයෑම් අවදානම් සහිත ඉවත් වීමේ (රතු) අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරළය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, අරණායක, දැරණියග, මාවනැල්ල, යටියන්තොට යන ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීම් වලංගු වනවා.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර යන ප්‍රදේශ සඳහා ද මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වෙනවා.