රෝගී සුරක්ෂිතතාවය සඳහා මීගමුව මහ රෝහලේ රෝගී ආරක්ෂණ සතිය මෙවරත්

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මගින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි සෑම වසරකම සැප්තැම්බර් 17 වැනි දිනට යෙදෙන “ලෝක රෝගී ආරක්ෂණ දිනය” නිමිත්තෙන් මීගමුව මහා රෝහල විසින් සුවිශේෂී රෝගී ආරක්ෂණ සතියක් මේ වසරේදී ද පැවැත්වුණා.

පසුගිය 14 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා, සුරක්ෂිතතාව වෙනුවෙන් නවමු වැඩසටහන් රැසක් සමඟ මෙය ක්‍රියාත්මක වුණා.

මීගමුව මහා රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ ප්‍රධානත්වයෙන්, රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චමින්ද කුමාර ඇතුළු වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ රෝහලේ සෙසු කාර්ය මණ්ඩල නියෝජනය කරන පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය 14 වැනිදා උදෑසන මෙම රෝගී ආරක්ෂණ සතියේ සමාරම්භක උත්සවය මීගමුව රෝහල් ශ්‍රවනාගාරයේදී පැවැත්වුණා.

මෙම රෝගී ආරක්ෂණ සතියේ ප්‍රධානතම අංගය වූ, පූර්ණ වෛද්‍ය පරීක්ෂාවක් (Full Body Check-up) සම්පූර්ණයෙන්ම නොමිලේ සිදුකර ගැනීම, පසුගිය 14 වැනිදා අවසන් දිනය දක්වා මීගමුව මහා රෝහලට පැමිණෙන ඕනෑම අයෙකුට අවස්ථාව උදා වුණා.

එම පරීක්ෂන තුළින් යම් රෝගී තත්ත්වයන් නිරීක්ෂණය වුවහොත්, ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම වැඩිදුර වෛද්‍ය උපදෙස්ද සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දීමට රෝහල් පරිපාලනය කටයුතු කළා.

එමෙන්ම, රෝහලේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ කාර්යාලීය කාර්ය මණ්ඩල ඇතුළු රෝහලේ සියලුම සේවක සේවකයන් සඳහා විවෘත චිත්‍ර තරඟයක් ද මෙම රෝගී ආරක්ෂණ සතියට සමගාමීව සංවිධානය කර තිබුණා.

“බෝ නොවන රෝගවලින් මිදෙන්නේ කෙසේද?” යන තේමාව යටතේ මෙම චිත්‍ර තරඟය පැවැත්වුණා.

රෝගී ආරක්ෂණ සතියේ අවසන් දින වන ඊයේ (19) දිනයේ , මීගමුව මහා රෝහලේ සිට මීගමුව නගරයේ බස් නැවතුම්පළ දක්වා දැනුවත් කිරීමේ පා ගමනක් ද පැවැත්වුණා.

මෙරට ජනතාව සීඝ්‍ර ලෙස ගොදුරු වී ඇති, ඇතැම් විට ජන ජීවීත මාරාන්තික තත්ත්වයට පවා පත් කළ හැකි බෝ නොවන රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත්, එම රෝගවලින් මිදෙන්නේ කෙසේදැයි දැනුම ලබා දීමේ අරමුණෙන් මෙම පා ගමන සංවිධානය වී තිබුණා.

image 6
image 6
image 7
image 7
image 8
image 8
image 9
image 9
image 10
image 10