සීදූව, ලියනගෙමුල්ල ප්‍රදේශයේ මේ වනවිට ඉදිකෙරෙමින් පවතින සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාවට , කතෝලික සභාව සිය විරෝධය පළ කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක ජූඩ් ක්‍රිශාන්ත පියතුමා ඊයේ (19) දින පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී පැවසුවා.
මෙම ප්රවෘත්ති සාකච්ඡාව කතෝලික සභාව සහ සීදූව, ලියනගෙමුල්ල සාන්ත තෝමස් විද්‍යාලයේ දෙමාපියන් විසින් , එම විද්‍යාලයීය රැස්වීම් ශාලාවේ දී ඊයේ (19) දිනයේ දී සංවිධානය කර තිබුණා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජූඩ් ක්‍රිශාන්ත පියතුමා, මෙම ප්‍රදේශයේ ජනතාව, ඉදිවෙමින් පවතින සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාවට එරෙහිව අදාල පියවර ගන්නා ලෙස කොළඹ අගරදගුරු හිමියන්ගෙන් සහ කතෝලික සභාවෙන් කරන ලද ඉල්ලීම් ම , මෙසේ එම කර්මාන්තශාලාවට විරෝධය පළ කිරීමට තීරණය කර ඇති බව පැවසුවා.
මෙහිදී අදහස් දැක්වූ හේෂාන් නිලන්ත පියතුමා, කතෝලික සභාව සහ කොළඹ අගරදගුරු හිමියන් මෙම විරෝධතා වැඩසටහන සංවිධානය කිරීමේ වගකීම තමන් වෙත භාර දී ඇති බවත්, ඒ අනුව මේ පිළිබද ජනාධිපතිතුමා ඇතුළු මැතිඇමතිවරුන් සහ රජයේ වගකිව යුතු ආයතන මේ වනවිටත් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ද පැවසුවා.
මේ පිළිබද රජය පූර්ණ අවධානය යොමු කර යොමු කර මෙම ඉදිකිරීම අත්හිටුවීමට වහා පියවර ගන්නා ලෙසත්, නැතිනම් මෙම ඉදිකිරීමට එරෙහිව ඉදිරියේදී දැවැන්ත විරෝධතාවන් ඇති විය හැකි බව ද සඳහන් කළා.













