සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර නිමාවූ විස්සයි විස්ස තරගාවලියේ, 3 – 0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් හිමිකර ගැනීමට එංගලන්තය සමත් වුණා.
මෙම ජයත් සමඟ එංගලන්ත කණ්ඩායම ලෝක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ද සමත්ව තිබෙනවා.
ශ්‍රේණිගත කිරීම් සටහනේ ප්‍රසාධ ලකුණු 11,021ක් හිමිකර ගනිමින් එංගලන්තය එහි පෙරමුණේ පසු වනවා.
එමෙන්ම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල අංක දෙක සහ අංක තුන ස්ථාන හිමිකර ගැනීමට පිළිවෙලින් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එම ශ්‍රේණිගත කිරීම්වල හිමිව ඇත්තේ 09 වන ස්ථානයයි.













