හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා නිල් වරෙන්තු නිකුත්කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) වෙතින් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, මාතර බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සහ ඌව පළාත් සභා මැතිවරණ සමයේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 7.8ක මුදලක් වැය කර ටී ෂර්ට් 12,000ක් බෙදා හැරීමේ සිද්ධීන්ට අදාළව මුදල් විශුද්ධිකරණ චෝදනාන් මුල් කරගනිමින්.













