උතුරු පළාතේ සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කරමින් යාපනය ශික්ෂණ රෝහල, යාපනය හෙද විදුහල ඇතුළු උතුරු පළාතේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන සඳහා රේඛීය අමාත්‍යාංශය යටතේ මෙන්ම උතුරු පළාත් සභාව යටතේ ද අලුතින් බඳවාගත් සෞඛ්‍ය කාර්‌ය සහායක 350 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) කන්කසන්තුර පාර, තිවීයාමහල් (Thiviya mahaal) හි දී පැවැත්වුණා.
උතුරු පළාතේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍යාංශය මෙම පත්වීම් ප්‍රදානෝත්සවය සංවිධාන කටයුතු සිදුකර තිබුණා.
පත් වීම්ලාභීන්ගෙන් රේඛීය අමාත්‍යාංශය යටතේ බඳවා ගත් සෞඛ්‍ය කාර්‌ය සහායක 45 දෙනෙකු යාපනය ශික්ෂණ රෝහල වෙත ද, 05 දෙනෙකු යාපනය හෙද විදුහල වෙත ද අනුයුක්ත කිරීමට නියමිත අතර, පළාත් සභාව යටතේ බඳවාගත් 300 දෙනෙකු උතුරු පළාතේ අනෙකුත් රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා තිබෙනවා.
මෑතකදී පවත්වන ලද ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ (Structured Interviews) ඉතා සාර්ථක ලෙස නිම කර ඇති සහ කුසලතා මත තේරී පත් වූ අපේක්ෂකයින් හට අද මෙලෙස පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලැබුවා.
පත්වීම් ලිපි ප්‍රදානෝත්සවයේ දී අදහස් දැක් වු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පත්වීම්ලාභී සියලු දෙනා මෙරට සෞඛ්‍ය සේවාවට සාදරයෙන් පිළිගන්නා බවත්, මෙරට ජනතාව වෙනුවෙන් රාජ්‍ය සේවයට එහා ගිය සේවාවක් සෞඛ්‍ය වෘත්තිකයින්ගෙන් අපේක්ෂා කරන බැවින් රැකියාවක් මෙන්ම වගකීමක් ලෙස රාජකාරී කටයුතු සිදු කරනු ඇති බව ද පැවසුවා.













