සංවිධානාත්මක අපරාධකරුවෙකුට අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීම සඳහා ආධාර අනුබල දුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ආගමන විගමන සහකාර පාලක නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අද (17) උදෑසන එම දෙපාර්තමේන්තුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අවුරුදු 42 ක් වන ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබනවා.













