මාලදිවයිනේ පැවති “ආහාර සහ උපස්ථාන ජාත්‍යන්තර සූපශාස්ත්‍ර තරගාවලිය – 2026″( Food And Hospitality Asia , Maldives Culinary Competition – 2026) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම ඊයේ (11) රාත්‍රියේ දිවයිනට පැමිණියා.
ඒ පදක්කම් 16 ක් සහ එක් තරග අංශයක ප්‍රථම ස්ථානය දිනා ගැනීමත් සමඟයි.
ලෝකයේ රටවල් 15කට අධික සූපවේදීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 07 සිට 09 දා දක්වා මෙම තරගය පවත්වා තිබෙනවා.
කාණ්ඩ අංශ 21 ක් යටතේ තරග පවත්වා තිබූ අතර එය මාලදිවයිනෙහි හුලුමාළේ නුවරදී යි පවත්වා තිබෙන්නේ.
මෙහිදී තරග වැදුණු නාශික් නජිලා සූපවේදිනිය “ආර්ටිස්ටික් ෂෝපීසස් (Artistic Showpiece)” අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගෙන තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම උසස් මට්ටමේ කේක් සහ පේස්ට්‍රි නිර්මාණ, ගුණාත්මක ඉදිරිපත් කිරීම්, නිරවද්‍ය සැරසිලි සහ ව්‍යුහාත්මක නිර්මාණ සඳහා රන් පදක්කම් – 05ක්, රිදී පදක්කම් 09ක් සහ ලෝකඩ පදක්කම් 02ක් වශයෙන් පදක්කම් 16ක් දිනා ගැනීමට මෙහිදී සමත් වී තිබෙනවා.













