එතෙර ඉන්න අයට “එතෙර දිරිය” නිවාස ණය යෝජනා ක්‍රමය ඇරඹෙයි

විදෙස්ගත ශ්‍රමිකයින්ට සිය විදේශ රැකියා ආදායම උපයෝගී කරගනිමින් නිවාස ඉදිකිරීමට හෝ නිවාස අවශ්‍යතා සපුරා ගැනීම සඳහා “එතෙර දිරිය” නමින් විශේෂ ණය යෝජනා ක්‍රමයක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙනවා.

ඒ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(10) බැංකු සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුවයි.

මෙම ණය යෝජනා ක්‍රමය අනුව රුපියල් 500,000 සිට රුපියල් මිලියන 10 දක්වා ණය මුදලක් ලබාගැනීමට විගමනික ශ්‍රමිකයින්ට අවස්ථාව සැලසෙනවා.

ණයලාභීන්ට මෙම ණය ආපසු ගෙවීම සඳහා ලබා දී ඇති උපරිම කාලය වසර 10ක්.

එමෙන්ම මෙම ණය සඳහා සැළකිල්ලට ගන්නා උපරිම පොලී අනුපාතය වාර්ෂිකව 15%ක් වන අතර, ණය පොලියෙන් කොටසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) මඟින් ප්‍රතිපූරණය කිරීමට කටයුතු කරනු ලබනවා.

ඒ සඳහා 2027 වර්ෂයට රුපියල් මිලියන 126ක මුදලක් ද වෙන් කර ඇති බව සඳහන්.

මෙම ණය පොලී අනුපාතය 15% ඉක්මවන අවස්ථාවකදී එම අතිරේක පොලී මුදල ණයලාභියා විසින් දැරිය යුතු වනවා.

මෙම ණය පහසුකම ලබාගැනීම සඳහා රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක් හරහා අයදුම්පත ඉදිරිපත් කළ යුතු බව සඳහන්.

ඒ අනුව ණය අයදුම්කරුගේ සුදුසුකම්, ණය ආපසු ගෙවීමේ හැකියාව, ණය විශ්වසනීයත්වය සහ ඇපකර අවශ්‍යතා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ණය අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම අදාළ බැංකුව විසින් ස්වාධීනව සිදු කරනු ලබන බවයි විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරනවා.

බැංකුව මඟින් මූලිකව අනුමත කරන අයදුම්පත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත යොමු කිරීමෙන් අනතුරුව, අයදුම්කරුගේ ලියාපදිංචිය, විදේශ රැකියා තත්ත්වය සහ විදේශ ප්‍රේෂණ පිළිබඳව සත්‍යාපනය කිරීම ද සිදු වනවා.

එමෙන්ම ණය නිකුත් කිරීම සහ ණය මුදල් අයකර ගැනීම අදාළ බැංකුවේ වගකීම වන අතර, බැංකුව විසින් ලබාදෙන වාර්තා සත්‍යාපනය කිරීමෙන් පසු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් හිමි පොලී ප්‍රතිපූරණ මුදල ණය ගිණුමට සෘජුවම බැර කිරීමට කටයුතු කරනු ඇති බවද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36
Video thumbnail
පක්ෂ - විපක්ෂ මන්ත්‍රීලා නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපිට එකඟ වෙන්න බෑ
05:50
Video thumbnail
පළාත් සභා ඡන්දය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..වහාම නතර කරන්න..විපක්ෂය විරුද්ධයි
04:06
Video thumbnail
ඡන්දේ අනිවාර්යෙන්ම තියෙනවා නියමිත විදිහට...
00:09
Video thumbnail
එල්නිනෝවෙන් ලංකාවට සිදුවන බලපෑම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ඉතිහාසයේ වාර්තාවන ප්‍රබලම එල්නිනෝව ?
06:32
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51