මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ බොරු සාක්ෂි ලබාදුන් සාක්ෂිකරුවකුට එරෙහිව පියවර ගැනීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (10) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
මෙම නඩුව අද (10) විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි දුන් පාලිත ගමගේ නමැති සාක්ෂිකරුවකු පොලීසියට ලබා දුන් ප්‍රකාශයට පරස්පර ලෙස සාක්ෂි ලබාදෙන බවට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණයේ අවධානය යොමු කළා.
ඒ අනුව මෙම සාක්ෂිකරුට එරෙහිව බොරු සාක්ෂි දීමේ චෝදනා යටතේ පියවර ගන්නා බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.
ඉන් පසුව එම සාක්ෂිකරු ඇපයක් මත මුදා හැරීමටද අධිකරණය නියම කළා.













