සූදු ක්‍රීඩාවට යොදාගැනීම සදහා ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද පරවියන් තොගයක් සිය භාරයට ගැනීමට පොලිසියට හැකිවී තිබෙනවා.
පුත්තලම කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය විසින් ඊයේ (05) රාත්‍රියේ කල්පිටිය – වන්නිමුන්දලම ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම පරවියන් තොගය සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මේ සමඟ සැකකරුවන් සිව් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
අත්අඩංගුවට ගෙන ඇති එක් සැකකරුවෙකු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, අනෙක් සැකකරුවන් තිදෙනා කල්පිටිය, අල්මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.
මෙහිදී පෙට්ටි 06ක් තුළ දමා සිටි පරවින් 200ක් සොයාගෙන ඇති අතර, පරවියන් වෙනත් ස්ථානයකට රැගෙන යාම සදහා සූදානම් කර තිබූ වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.













