නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දැඩි පිළිකුලින් යුතුව හෙළා දකිනවා – එජාපය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතික පක්ෂය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින එක්සත් ජාතික පක්ෂය න්නිවෙදනයක් පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ ප්‍රධානත්වයෙන් මේ මස 12 වැනි දින අනුරාධපුර නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා රැලිය කඩා කප්පල් කිරීමට බව පැහැදිලි බවයි එක්සත් ජාතික පක්ශය නිවේදනයේ සඳහන් කර තිබෙන්නේ.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට රට වටා ගොස් රැස්වීම් පැවැත්වීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට ද තිබෙන බව පිළිගත යුතු බවත්, ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම උදුරා ගැනීම නූතන ශිෂ්ඨ සම්පන්න සමාජය කිසි ලෙසකින්වන් අනුමතනොකර බවත්, විශේෂයෙන්ම නූතන Gen Z පරපුර මෙවැනි ක්‍රියා දෙස බලන්නේ දැඩි හිරිකිතියකින් බවයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කර ඇත්තේ.

මාලිමා ආණ්ඩුවේ මෙවැනි ක්‍රියා මගින් දිනෙන් දින පිරිහෙන ජනතා සහාය හමුවේ රජය වඩාත් අසරණ වීමද පෙන්නුම් කරන බව එම නිවේදනයේ සඳහන්.

අත්අඩංගුවට ගැනීම් තුළින් ජනතා නායකයින්ට තිබෙන ප්‍රසාදය නැති කළ නොහැකි බව රජයට දැඩිව අවධාරණය කර සිටින බව එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51
Video thumbnail
CPC එක මේ වසරේ බිලියන 27ක ලාභයක් උපයලා තියෙනවා - ඉන්ධන මිල ඉදිරියේදි අඩුවෙයිද ?
01:55
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් නිධිය ගැන CPC එකෙන් ප්‍රබල හෙළිදරව්වක් - බහුල වශයෙන්ම ස්වාභාවික වායු
01:42
Video thumbnail
අද මධ්‍යම රාත්‍රියේ සිට දැවි තෙල් සහ නැප්තාවල මිල පහළට - QR කේතය ඉවත් කරනවද ?
01:26
Video thumbnail
නාමල් බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
00:56
Video thumbnail
අනුර Scienceත් ෆේල්, Mathsත් ෆේල් - මේ ආණ්ඩුව English ෆේල් නෙවෙයි Absent
02:59
Video thumbnail
නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක් - අනාගත ජනපතිට ජයවේවා..!
03:06