මනූෂට එරෙහි නඩුවේ මූලික විමර්ශන කටයුතු අවසන් – අල්ලස් කොමිසම අධිකරණයට දන්වයි

දූෂණ චෝදනාවත් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරට එරෙහිව පවරා ඇති නඩුවේ මූලික විමර්ශන කටයුතු අවසන් බව අල්ලස් කොමිසම අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දන්වා සිටියා.

සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී අල්ලස් කොමිසම පවසා සිටියේ සිද්ධියට අදාළව මූලික විමර්ශන කටයුතු අවසන් බැවින් නෛතික ක්‍රියාමාර්ග දැනුම්දීමට දිනයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව වැඩිදුර වාර්තා ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත්වරයා දෙසැම්බර් 18 වන දින නියම කළා.

සිද්ධියට අදාළ සැකකරු විවෘත අධිකරණයේ පෙනී සිටියා.

පසුගිය රජය සමයේ කෘෂිකාර්මික රැකියා සඳහා ඊශ්‍රායලයට සේවකයන් යැවීමේදී ඇමති ධුරය අවභාවිත කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට බලපෑම් කළ බව කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන මෙම සැකකරු මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි..කවුරුවත් කලබල වෙන්න එපා - ජනපති අනුර කිව්ව අමුතු කතාව
01:33
Video thumbnail
අවුරුදු ගාණක් තම පවුල නඩත්තු කළ එළදෙනගේ අහිමිවීම කොහොම දරාගන්නද ?බලන්නකෝ ඒ ආදරය
02:45
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46