පූනාගල “නවෝදයාපුරම්” නව නිවාස ව්‍යාපෘතියේ නිවාස 50ක් ජනපති අතින් ජනතා අයිතියට

පූනාගල “නවෝදයාපුරම්” නව නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නිවාසවලින් නිවාස 50ක අද (28) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

2023 මාර්තු 19 වනදා සිදු වූ නායයෑමෙන් නිවාස අහිමිව, වසර තුනහමාරකට ආසන්න කාලයක් වසා දමා තිබූ තේ කර්මාන්තශාලාවක අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ ජීවත් වූ කබරගල පවුල් 50ක් වෙනුවෙන් මෙම නිවාස ලබාදීම සිදු කෙරුණා.

ඒ, අනුව මෙම පවුල් 50 සඳහා පර්චස් 10 බැගින් වූ ඉඩම් සමඟ වර්ග අඩි 550කින් යුත් අංගසම්පූර්ණ නිවාස 50ක් සහ මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු රු. 175,000ක පමණ වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ ද මෙහිදී හිමිවනවා.

මෙම එක් නිවසක් සඳහා ඉදි කිරීමට රුපියල් ලක්ෂ 32කට ආසන්න මුදලක් වැය කර ඇති අතර නිදන කාමර 2ක්, සාලයක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයකින් මෙම නිවසක් සමන්විතයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකතවයෙන් මෙම නිවස ව්‍යාපෘතිය ඉදිකරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15