ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ සූරිච් අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ඊයේ (27) සමත් වුණා.
මෙහි දී රුමේෂ් තරංග මීටර් 92.07ක දුරක් හෙල්ල විසිකරමින් මෙම සුවිශේෂී ජයග්‍රහණය හිමිකර ගත්තා.
මෙම ඉසව්වේ දෙවන තැන ග්‍රෙනේඩියානු ක්‍රීඩක ඇන්ඩර්සන් පීටර්ස් හිමිකරගත් අතර, ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 86.93ක්.
එමෙන්ම තුන්වන තැන පෝලන්ත ක්‍රීඩක ඩාවිඩ් වෙග්නර් දිනාගත් අතර, ඩාවිඩ් මෙම ඉසව්වේ මීටර් 85.16ක විසිකිරීමේ දක්ෂතාවක් දැක්වුවා.













