නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව පෝනි සංචාර සඳහා යොදා ගන්නා පෝනියෙක්ට තරුණයෙකු විසින් අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබුණා.
අදාළ පහරදීම සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති 26 හැවිරිදි රාමමූර්ති විෂ්ණු නමැති තරුණයා නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු නුවරඑළිය ස්ට්‍රාබැත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (28) දිනයේ නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.













