මහජන සාමය පවත්වාගෙන යාම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියම කර තිබේ.
මහජන ආරක්ෂක ආඥාපනතේ 12 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක නියම කර තිබෙනවා.
මෙම නියමය අද (27) දිනයේ සිට ක්‍රියාත්මක වනවා.
ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයන් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, රත්නපුර සහ කෑගල්ල යන පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවා තිබෙනවා..
ජනාධිපතිවරයා විසින් මෙම නියමය 2026 අගෝස්තු 25 වැනිදා නිකුත් කර ඇති අතර, 2026 අගෝස්තු 27 වැනිදා සිට එය බලාත්මකයි.













