ශ්‍රී දළදා මාලිගය විසින් වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරයිකයින්ට මග පෙන්වීම හා රථ වාහන ගාල් කිරීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා.
ඒ අනුව, හෙට (28) දිනයේ පැවැත්වෙන පෙරහර කාලසීමාවන් තුළ ක්‍රියාත්මක රථවාහන සැලැස්ම හා දෛනික රථවාහන සැලැස්ම පහත පරිදි වනවා.
2026.08.28 වන දින සතර මහ දේවාල පෙරහර ගණ දෙවි කෝවිලෙන් පිටත්ව කටුකැලේ වීදිය, දළඳා වීදිය, කොටුගොඩැල්ල වීදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය මංසන්ධියට පැමිණ එදින පැය 14.18 ට ගෙඩිගේ විහාරයෙන් පිටත්වන ශ්‍රී දළදා පෙරහර කැටුව රජවීදිය ඔස්සේ ගමන් කර නැවත මාලිගාවට ගෙවදීමට නියමිතව ඇත. ඩී.එස්.සේනානායක වීදිය, පන්සල පාර ඔස්සේ දේව වීදියෙන් රජ වීදියට හැරී මාළිගා චතුරශ්‍රයේ තෙවිටක් ප්රදක්ෂිණා කොට පැය 16.01 ගෙවැදීම සිදු වනවා.
එම කාලය තුළ මහනුවර නගරය තුල ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම හා විකල්ප මාර්ග පහත පරිදි බවයි පොලිසිය පවසන්නේ.













