නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

බෞද්ධ ජනතාවට ආගමික හා ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිහිපත් කෙරෙන නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට (27) යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු අජාසත්ත රජුගේ අනුග්‍රහය හා දායකත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සහ බුදුරජාණනන් වහන්සේ රාහුල තෙරණුවන්ට රාහුලෝ වාද සුත්‍රය දේශනා කිරීම ද සිදු වූයේ නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වනවා.

මේ අතර නිකිණි පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

එමෙන්ම මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ, අවසන් රන්දෝලි පෙරහැර අද (26) රාත්‍රීයේ වීථි සංචාරය කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15
Video thumbnail
සජිත් මැතිතුමනි ඔබ පින මතුවේවා
01:23
Video thumbnail
ඔබතුමා එඩිතරව වැඩේ කරගෙන යන්න
00:54